චීනය දලයි ලාමාගේ පින්තූර ගලවයි

Image copyright AP
Image caption දලයි ලාමා ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් ට සමාන කර ඇති බවයි ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ

තිබ්බතයේ බෞද්ධ නායක දලයි ලාමාගේ ඡායාරූප සියල්ල ඉවත් කරන ලෙස නිරිත දිග චීනයේ සිචුවාන් (Sichuan) පළාතේ ටිබෙට් ජාතික වෙළෙඳසැල් හිමියන්ට නියෝග කරනු ලැබ ඇති බව රාජ්‍ය අයිතිය සහිත චීන පුවත්පතක් පවසයි.

චීන නිලධාරියෙක් දලයි ලාමා ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් ට සමාන කර ඇති බවයි ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ.

සංස්කෘතික බලධාරීන් සහ පොලීසිය එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකි බවද එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

සිචුවාන් පළාත ටිබෙට් ජාතිකයන් විශාල පිරිසක් ජීවත් වන ප්‍රදේශයක් වන අතර මෑතක සිට එහි ටිබෙට් සංස්කෘතියට බලපෑම් එල්ල කිරීම ටිබෙටයේ තරමට දරුණු මට්ටමින් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර