සිකා භීතිය 'ටාටා' සමාගමටත්

Image copyright EPA
Image caption 'සිකා' මෝටර් රථය සඳහා නිෂ්පාදිත ප්‍රචාරණ දැන්වීම් සඳහා ආජෙන්ටීනියානු පාපන්දු තරුවක් වන ලයනල් මෙසී පෙනී සිටියේය

'සිකා' (Zika) වෛරසය ලොව පුරා දැඩි කතාබහට ලක් වෙමින් පවතින අතරවාරයේ 'සිකා' (Zica) නමින් වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතව තිබූ සිය නවතම මෝටර් රථ මාදිලියේ නම වෙනස් කිරීමට තීරණය කළ බව ඉන්දියාවේ 'ටාටා' මෝටර් රථ සමාගම පවසයි.

''සමාජීය වශයෙන් වගකීමක් සහිත'' ව්‍යාපාරයක් ලෙස සිය සමාගමේ නිෂ්පාදිත 'හැච්බැක්' වර්ගයේ 'සිකා' මෝටර් රථය වෙනත් නමකින් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි 'ටාටා' සමාගම නිවේදනය කළේ.

ඉහත කී මෝටර් රථය එහි පෙර නාමයෙන් දිල්ලියේ පැවැත්වෙන මෝටර් රථ ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කෙරෙන නමුත් සති කීපයකට පසු එහි නව නාමය නිවේදනය කරන බවත් 'ටාටා' සමාගම කියා සිටියි.

'ජගුවර්' සහ 'ලෑන්ඩ් රෝවර්' සමාගම්වල හිමිකාරිත්වය දරන 'ටාටා' සමාගම වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ සිය සමාගමේ නිෂ්පාදිත 'නැනෝ' වර්ගයේ අඩු මිලක් සහිත මෝටර් රථ සඳහායි.

Image copyright Reuters
Image caption ''සමාජීය වශයෙන් වගකීමක් සහිත'' ව්‍යාපාරයක් ලෙස සිය සමාගමේ නිෂ්පාදිත 'හැච්බැක්' වර්ගයේ 'සිකා' මෝටර් රථය වෙනත් නමකින් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි 'ටාටා' සමාගම නිවේදනය කළේ

'සිකා' මෝටර් රථය සඳහා නිෂ්පාදිත ප්‍රචාරණ දැන්වීම් වල පෙනී සිටින්නේ ආජන්ටීනියානු ජාතික පාපන්දු තරුවක් වන ලයනල් මෙසී.

මේ අතර 'සිකා' වෛරසය අසාදනය වූ රෝගීන් රටවල් විස්සකින් පමණ වාර්තා වී ඇත.

ලෝක සෞඛ්‍යය සංවිධානය 'සිකා' වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ අනතුරු ඇඟවීමක් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර