ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජර්මනියේ දුම්රිය අනතුරින් දස දෙනෙක් මරුට

ජර්මනියේ බැවෙරියා ප්‍රාන්තයේදී මුහුණට මුහුණලා ගැටුණු දුම්රියේ ගමන් ගත් මගීන්ගෙන් දස දෙනකු මරුමුවට පත් වී ඇතැයි එරට පොලිසිය පවසයි.

දුම්රිය අනතුරට ගොදුරු වී මගීන් එක සිය දහඅට දෙනකු තුවාල ලබා ඇති බවයි ජර්මන් පොලිසිය කියා සිටියේ.

ජර්මන් බලධාරීන් සඳහන් කළේ තුවාල ලැබූ පිරිසෙන් දහඅට දෙනකු අසාධ්‍ය තත්වයේ පසු වන බවයි.

උදෑසන සිදු වූ අනතුරෙන් දුම්රිය මැදිරි කීපයක් පීලි පැන ඇති අතර එම මැදිරි තුළ තවත් මළසිරුරු තිබිය හැකි බවට සහන සේවකයෝ බිය පළ කරති.

ඕස්ට්‍රියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි අනතුර සිදු වූ ස්ථානයේ මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙමින් පවතියි.

අනතුරට ලක් වූ පිරිස් රෝහල් වෙත ගෙන යෑම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා ඇත.