සරණාගත දැරිය රටින් නෙරපීමට එරෙහි වෛද්‍යවරු විරෝධතාවක

Image copyright AFP

ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කුඩා දැරියක් රටින් නෙරපීමට එරෙහිව සිය විරෝධතාව පල කරමින් දැරිය රෝහලෙන් පිටත් කර හැරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වන විට එම වෛද්‍යවරුන්ට සහය දැක්වීම පිණිස රෝහල ඉදිරිපිටට සිය ගණන් ජනතාව එක් රැස් වී සිටිති.

ඕස්ට්‍රේලියාවෙන් පිටත නාවුරු සරණාගත කඳවුරේ දී බරපතළ පිළිස්සුම් තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ රෝහලක් වෙත ඒවා තිබුණි.

ඇයට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් කණ්ඩායම පවසන්නේ දැරියට ජීවත් වීමට නිසි නිවහනක් ලබා දීමට රජය කටයුතු කරන තුරු ඇය රටින් නෙරපීමට ඉඩ නොදෙන බවයි.

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස ඇතුල් වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම සඳහා රටින් පිටත දූපත් වල කඳවුරු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව මානව හිමිකම් සංවිධානයන්හි දැඩි විවේචනයට ලක් වෙමින් පවතියි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව පවසන්නේ අනතුරුදායක බෝට්ටු භාවිතා කරමින් සිය රටට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් වැලක්වීමට මෙම කඳවුරු පවත්වා ගැනීම අවශ්‍ය බවයි.