ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම ගැන ඉන්දියාවේ නොසතුට

Image copyright Getty
Image caption න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි F-16 වර්ගයේ, ප්‍රහාරක ජෙට් යානා 8 ක් විකිණීමට එකඟ වී ඇති බවයි පැවසෙන්නේ

ඇමරිකාව විසින් පකිස්තානයට යුද උපකරණ විකුණනු ලැබීම පිළිබඳව නොසතුට පළකිරීම සඳහා ඉන්දියාව දිල්ලියේ සිටින ඇමරිකානු තානාපතිවරයා කැඳවා ඇත.

වොෂින්ටනය විසින් ඉස්ලාමාබාදයට න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි F-16 වර්ගයේ, ප්‍රහාරක ජෙට් යානා 8ක් විකිණීමට එකඟ වීමෙන් පසුවයි ඉන්දියාව මෙසේ සිය ඇමරිකානු තානාපතිවරයා කැඳවා ඇත්තේ.

මෙම ගනුදෙනුව තවමත් කොන්ග්‍රසය විසින් අනුමත කළ යුතුව තිබුණද ඇමරිකානු රජය පවසන්නේ පකිස්ථානයට වර්තමාන සහ අනාගතයෙහි ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දීම සඳහා තම රට විසින් සහය දක්වන බවයි.

එසේවුවද, මෙම ගනුදෙනුව ත්‍රස්තවාදය මැඩලීම පිණිස උපකාරයක් වන බවට පළ වන අදහසට තමන් එකඟ නොවන බවයි ඉන්දියාව පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර