ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇළේ ගිලුණු රථයෙන් බේරුණු සිඟිත්තා සහ මව

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර ඇළ මාර්ගයකට ඇද වැටුණු මෝටර් රථයක් තුළ සිටි මවක සහ සිඟිති දරුවකුගේ ජීවිත විශ්මිත ආකාරයෙන් බේරා ගනු ලබන අයුරු වීඩියෝවක සටහන් වී ඇත.

උපකාර සඳහා පුද්ගලයන් සිව් දෙනකු මෝටර් රථය වෙත පීනා ගොස් ඇති අතර ගලකින් ගසා මෝටර් රථයේ පසුපස වීදුරුව කඩා මව සහ සිඟිත්තා බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.

ඉන් අනතුරුව ඉහත කී පුද්ගලයන්ගෙන් එක් අයකු නැවත ගොඩට පීනා ඔහුගේ මෝටර් රථයේ තිබූ මිටියක් රැගෙන විත් වීදුරුව කඩා දැමූ බව ප්‍රාදේශීය වාර්තාවල සඳහන්.

ඇළ මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථය සිඟිති දරුවාද සමග ඇළ දෙසට ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මව සහ සිඟිත්තා සුවෙන් පසු වන බව පැවසෙන අතර ඇළ වෙත පීනා ගිය පුද්ගලයන්ගේ නිර්භීත ක්‍රියාව පැසසුමට ලක් වී ඇත.