කුර්දි කැරලිකරුවන්ට තුර්කි ෂෙල් ප්‍රහාර

Image copyright EPA
Image caption තුර්කියට යාබද සිරියානු දේශ සීමාව

උතුරු සිරියාවේ කුර්දි කැරලිකරුවන් සැඟවී සිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් තුර්කිය ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති බව මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය පවසයි.

තුර්කි ෂෙල් ප්‍රහාර හමුවේ කුර්දි සටන්කරුවන් දෙදෙනෙකු ඝාතනය වී ඇති බවද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

සිය දේශ සීමාවට ආසන්නයේ තුර්කිය විසින් බලය තහවුරු කරන ලද ප්‍රදේශ වලින් කුර්දි YPG සටන් කරුවන් ඉවත් කර ගන්නා ලෙසයි තුර්කි රජය අවධාරණය කරන්නේ.

Image copyright AFP

මේ අතර කුර්දි සටන් කරුවන්ට ප්‍රහාර එල්ල කිරීම නවත්වා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය හා සටන් වැදීමට සිය අවධානය යොමු කරන්නැයි ඇමරිකාව විසින් තුර්කි රජයට දැනුම් දීමක් සිදු කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් ඇමරිකාව තවදුරටත් කියා සිටින්නේ කුර්දි සටන් කරුවන් හෝ ඔවුන්ට මිත්‍ර කැරලි කණ්ඩායම් අලුතින් භූමි ප්‍රදේශ වල බලය අල්ලා ගැනීමට උත්සාහ නොකළ යුතු බවයි.