සෞදි ප්‍රහාරක යානා තුර්කියේ ගාල් කරයි

Image copyright Getty

අයි එස් කැරැල්ලට එරෙහි සටන තීව්‍ර කිරීම සඳහා තම ප්‍රහාරක ගුවන් යානා තුර්කියේ පිහිටි කඳවුරක ගාල් කළ බව සෞදි අරාබිය සනාථ කළේය.

මේ දක්වා සෞදිය තම ප්‍රහාර දියත් කළේ තම රට තුළ පිහිටි කඳවුරුවලින් ගුවන් ගත කළ යානා යොදා ගෙනයි.

Image copyright Reuters

තුර්කියේ සිට ප්‍රහාරක යානා ගුවන් ගත කිරීම මගින් සිරියාවේ උතුරුකරයේ ඉලක්කවලට ඉක්මනින් ළඟා විය හැකියි.

තුර්කියට ජෙට් යානා යවා ඇති නමුත් හමුදා භට පිරිස් යොදවා නැති බවයි සෞදි හමුදාව පවසන්නේ.

කෙසේ නමුත් සිරියානු භූමිය තුළ පාබල හමුදා යෙදවිය යුතු බවට එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව විශ්වාස කරන බැවින් එම මෙහෙයුම්වලට තමන් ද එක් වන බව සෞදි හමුදාව පවසයි.