කාම රංගධරයන්ට කොන්ඩම් නියමයක්

Image copyright Andreas Rentz Getty Images

කාම චිත්‍රපට නළු නිළියන් ලිංගික රංගනයේ දී ආරක්‍ෂිත උපත් පාලන කොපු පැලඳිය යුතු බවට සිදු කෙරුණ නිර්දේශයකට එරෙහිව කැලිෆෝනියාවේ වෘත්තීය ආරක්ෂණ නිලධාරීහු ඡන්දය පාවිච්චි කළහ.

එවැනි නිර්දේශයක් සිදු කරනු ලැබ තිබුණේ, කාම රංගන නළු නිළියන් ලිංගික වශයෙන් එක් වීමේදී බෝ වෙන ලිංගාශ්‍රිත රෝගවලින් (STD) වළක්වාලීමේ පියවරක් හැටියටයි.

Image copyright Reuters

එහෙත් කාම නිර්මාණ ක්‍ෂේත්‍රය නියෝජනය කරන කණ්ඩායම් පවසන්නේ, එමගින් කාම දර්ශන නරඹන්නන් තමන්ට අහිමි වීමට ඉඩකඩ ඇති අතර එමගින් සිය කර්මාන්තයේ කඩා වැටීමක් සිදු විය හැකි බවයි.

උපත් පාලන කොපු පැළඳීම අනිවාර්ය කෙරෙන ඉහත කී නිර්දේශය අනුව කටයුතු කළහොත් නළු නිළියන්ට ඇස් සහ දන්ත ආරක්ෂක පළඳනා ද පාවිච්චි කරන ලෙස අනාගතයේ නියෝග කෙරෙනු ඇතැයි ද කාම කර්මාන්තයේ නිරත පුද්ගලයෝ පවසති.

කාම චිත්‍රපටවල ලිංගික දර්ශන සඳහා රඟන්නන් ලිංගික රෝග වලට ගොදුරු වී ඇත්ද යන්න පිරික්සීම සඳහා දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ ඔවුන් හැම සති දෙකකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීමයි.