ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් දස දෙනෙක් මරුට

Image copyright AP
Image caption පසුගිය වසරේ ඇෆ්ඝනිස්ථානයේ ජලලාබාද් හිදී සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවී ඇත.

පකිස්තාන දේශ සීමාවට අයත් කුනාර් හි පළාත් බලධාරීන් පැවසුවේ බෝම්බ පිපිරීම සිදුවුයේ අසදාබාද් නගරයේ ඇති රජයට අයත් ගොඩනැගිල්ලක් අසල බවයි.

මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් සාමාන්‍ය වැසියන් බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය එල්ල කළේ කුමන කණ්ඩායමක් විසින් ද යන්න පිලිබඳ වාර්තා නොවූවද එක් වාර්තාවක් මගින් පැවසෙන්නේ මෙම ප්‍රහාරයෙන් මරණයට පත් ගෝත්‍රික වැඩිහිටියෙකු මෙන්ම සන්නද්ධ කණ්ඩායම් නායකයෙකු පසුගිය වසරේ දී එම දිස්ත්‍රික්කය තුළ සිදු වූ තාලිබාන් සාමාජිකයන්ට එරෙහි මෙහෙයුම් වලට සහභාගී වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර