ආණ්ඩුකාරවරයාගේ ඝාතකයා එල්ලා මරා දැමෙයි

Image caption මරණීය දණ්ඩණය දීමට විරුද්ධව කළ වීදි උද්ඝෝෂණ හේතුවෙන් ඉස්ලාමාබාද් හි ඇතැම් මාර්ග වසා දැමීමට සිදුවූ බවයි වාර්තා වන්නේ

දේවාපහාසය පිලිබඳ රටේ පවතින නීතියට එරෙහි වූ පකිස්තානයේ පළාත් ආණ්ඩුකාරවරයෙකු මරා දැමීම පිළිබඳව හිටපු පොලිස් ආරක්ෂක භටයෙකු ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ.

මුම්ටාස් කද්රි (Mumtaz Qadri) විසින් පන්ජාබ් පළාත් ආණ්ඩුකාර සල්මන් ටසීර් (Salman Taseer) ඉස්ලාමාබාද් හි දී වෙඩිතබා මරා දමනු ලැබුවෙ 2011 වසරේ දීය.

කද්රි ගේ ආධාරකරුවන් ඔහුට මරණීය දණ්ඩණය දීමට විරුද්ධව කළ වීදි උද්ඝෝෂණ හේතුවෙන් ඉස්ලාමාබාද් හි ඇතැම් මාර්ග වසා දැමීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

“මුම්ටාස් හුසේන් කද්රි අපේ ජාතික වීරයෙක්. ඔහුව අද එල්ලල මැරුව. ඒකයි අපි මේ ප්‍රධාන අධිවේගී මාර්ගය අවහිර කළේ. මේ පාර අවහිර කරපු එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙයි කියල අපි හිතන්නෙ නැහැ. මොකද මේ කාරණයේදී විරුද්ධ වෙන ඒක ඉස්ලාම්වරුන් හැටියට අපේ වගකීමක්” යනුවෙනුයි එක් විරෝධතාකරුවෙක් වූ ෆහාඩ් අබ්බාසි (Fahad Abbasi) ඔවුන්ගේ විරෝධතාව පිළිබඳව පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර