මාර්ටින් ක්‍රෝ දිවියෙන් සමු ගනී.

Image copyright AFP

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩා විරුවකු වන මාර්ටින් ක්‍රෝ අභාවප්‍රාප්ත විය.

පිළිකා රෝගයෙන් පෙළුන හිටපු ක්‍රිකට් දැවැන්තයා මිය යන විට පනස් තුන් හැවිරිදි වියේ පසු විය.

ක්‍රෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක් වූයේ ඔහු වයස අවුරුදු දහ නවයේ පසු වෙද්දී.

මාර්ටින් ක්‍රෝ නවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ඨතම පිතිකරු හැටියටත් පුළුල් පිළිගැනීමක් පවතී.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තත්වය ලද මුල් අවධියේ පැවති තරඟ සඳහා නවසීලන්ත කණ්ඩායම සමඟ මාර්ටින් ක්‍රෝ සහභාගී විය.