ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විවාහයෙන් මිළින කෙරෙන බාල වයසේ මල් කැකුළු

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

පකිස්තානයේ පවුල් දෙකක් අතර තිබුණු ආරවුලක් නිරාකරණය කිරීම සඳහා වයස අවුරුදු දහයක ගැහැණු දරුවෙක් ව බලහත්කාරයෙන් විවාහ කරදීමට ගත් උත්සාහයක් පොලීසියේ මැදීහත්වීමෙන් නවතා දැමූ බව මෑතක දී වාර්තා විය.

බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් විවාහ කර වීම පකිස්තානයේ පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල සිදුවන්නකි. බොහෝ විට ආගම හෝ සංස්කෘතිය හා බැඳී ඇති මේ අඩු වයස් විවාහ පිලිබඳ සලකා බැලීමේ දී ආසියාවේ ඉදිරියෙන්ම සිටින රටවල් වන්නේ පකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල්ය.

පකිස්තානයේ වයස අවුරුදු විසි ගණන් වල තරුණ විවාහක කාන්තාවන් අතරින් 20% ක් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 18 වීමටත් පෙරයි. මේ අතර ලෝකය පුරා සිදුවන මේ විදියේ අඩු වයස් විවාහ වලින් 40% ක් ඉන්දියාව තුළ සිදුවන බවටයි වාර්තා වී ඇත්තේ.

බංගලාදේශයේ ළමා විවාහ සිදුකිරීම ඉතාමත් ඛේදජනක තත්වයකයි පවතින්නේ. එරට ගැහැණු දරුවන් ගෙන් 20% ක් වයස අවුරුදු 15 වීමටත් කලින් භාර්යාවන් බවට පත්වන බවයි පැවසෙන්නේ.

බාල වයස්කාර විවාහ පිලිබඳ විස්තර සහිත වාර්තාවට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.