ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සැඩ පහරට හසු වූ සුනඛයකුගේ දිවි බේරා ගැනෙයි

පේරු රාජ්‍යයේ 'අරෙකීපා'(Arequipa) ප්‍රදේශය හරහා ගලා යන ගංගාවක ජල මට්ටම ඉහළ යමින් තිබියදී සැඩ පහරට හසු වූ සුනඛයකුගේ දිවි බේරා ගැනීමට එහි සිටි පුද්ගලයකු සමත් විය.

පේරු රාජ්‍යය හරහා ගලා බසින ඉහත කී ගංගාව ගමන් ආරම්භ කරන්නේ චිලී රටෙනි.

සැඩ පහරට හසු වී බොහෝ දුරක් ගසා ගෙන ගිය සුනඛයා ගං ඉවුරට කිට්ටු වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයේ වහා ඉවුරෙන් බැස සුනඛයාගේ දිවි බේරා ගන්නා ආකාරයයි වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ.

අධික වර්ෂාව හේතුවෙන් ගංගාවේ ජල මට්ටම ඉහළ යමිනුයි පවතින්නේ.