'තායිවානයට නිදහස ලබන්න ඉඩ තියන්නේ නෑ'

Image copyright AP
Image caption චීන ජනාධිපති සී ජින්පින්

තායිවානයට කිසි දිනක නිදහස් රටක් ලෙස ක්‍රියා කිරීමට ඉඩ නොතබන බව චීන ජනාධිපති සී ජින්පින් අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ තායිවානයේ වැසියන් විසින් සිය රටට නායකත්වය දීම සඳහා තායිවානයේ නිදහස් සටනට සහය දෙන ජනාධිපතිවරියක් පත් කර ගැනීමෙන් මාස දෙකක් ගතවූ පසුවයි.

තායිවාන නව ජනාධිපතිවරිය සායි ඉංග්‍ වන් (Tsai Ing-wen) මාර්තු මාසයේදී නිල වශයෙන් සිය ධුරයේ වැඩ කටයුතු භාර ගැනීමට නියමිතයි.

1949 දී චීන සිවිල් යුද්ධය අවසානයේ චීනයෙන් වෙන් වූ තායිවානය ස්වාධීන රටක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

තායිවානයේ පාලනය එරට පිහිටවනු ලැබූ ස්වාධීන ආණ්ඩුවක් මගින් ගෙන යනු ලැබුවත් බොහෝ රාජ්‍යයන් තවමත් තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරති.

තායිවානය නිදහස් රටක් වශයෙන් ක්‍රියාත්මක වීමට උත්සාහ කළොත් එහි පාලනය පවරා ගැනීමට උපරිම බලය යොදවන බවට චීනය තර්ජනය කරයි.