MH 370 යානය ගැන තවමත් 'බලාපොරොත්තුවක්'

Image copyright Getty
Image caption බීජිං නුවර බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට එක් වී සිටි ඥාතියෙක්

මැලේසියානු ගුවන් සේවයට අයත් 'MH 370' යානය අතුරුදහන් වී වසර දෙකක් ගත වීම අනුස්මරණය කොට මැලේසියානු පාර්ලිමේන්තුව තුළ මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබ තිබේ.

යානය අතුරුදහන් වන විට එහි මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු දෙසීය තිස් නව දෙනකු ගමන් ගත්හ.

සිය ඥාතීන් සොයා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් යානයේ ගමන් ගත් ඇතැම් චීන ජාතිකයන්ගේ පවුලේ ඥාතීහු බීජිං නුවර බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.

සෝදිසි කණ්ඩායම් තවදුරටත් ඉන්දීය සාගරයේ දකුණු කලාපය තුළ 'MH 370' යානයේ සුන්බුන් සෙවීමේ නිරතව සිටිති.

Image caption ගත වූ දෙවසරක කාල සීමාව ඇතුළත මැලේසියානු ගුවන් සමාගමට සිය යානා දෙකක්ම අහිමි විය

මැලේසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධානත්වයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරන කණ්ඩායම් තවදුරටත් යානය සොයා ගත හැකිවේ යැයි 'බලාපොරොත්තුවෙන්' පසු වෙති.

මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී 'MH 370' ගුවන් යානය අතුරුදහන් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර