'දූෂණය කොට පිළිස්සීමට' ලක් කළ දැරිය මිය යයි

දින දෙකකට ඉහත දිල්ලි අගනුවරට ආසන්න ප්‍රදේශයකදී දූෂණයට කොට පිළිස්සීමට ලක් කොට ඇතැයි පැවසෙන පහළොස් වියැති දැරිය මිය ගොස් තිබේ.

ඇයගේ ශරීරයේ සියයට අනූ පහක් පමණ ප්‍රමාණයක පිළිස්සුම් තුවාල තිබූ බවයි වෛද්‍යවරු කියා සිටියේ.

දැරිය පසු පස රහසින් ලුහුබැඳ පැමිණි බවට වාර්තා වන අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඉහත කී සැකකරු දැරියගේ පෙම්වතා විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර උතුරු ඉන්දියාවේ බරෙයිලි ප්‍රදේශයේදී මගී කාන්තාවක් දූෂණය කළ බවට සහ ඇයගේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට බස් රථ රියදුරකු සහ රියදුරු සහායකයා අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පැවසුවේය.

මගී කාන්තාවකුත් දූෂණයට

සැකකරුවන්ගේ පහර කෑමට ලක් වන අවස්ථාවේ ඇයගේ ඇකයේ සිටි දරුවා බිම පතිත වී අතර ඒ හේතුවෙන් දරුවා මිය ගොස් තිබේ.

දෙදහස් දොළහ වසරේදී දිල්ලි සිසුවියක් බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව පවතින නීති තර කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල විය.

කෙසේ නමුත් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදු කෙරෙන දරුණු මට්ටමේ ලිංගික වධ හිංසා ඉන්දියාවේ නන්දෙසින් තවමත් වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර