ලූලා ද සිල්වාට මුදල් විශුද්ධිකරණ චෝදනා

Image copyright
Image caption හිටපු ජනාධිපති ලූලා ද සිල්වා තම නිවස අසළ රැස්වූ ආධාරකරුවන් සමග

බ්‍රසීලය පුරා මහත් ජනප්‍රියත්වයක් උසුලන එරට හිටපු ජනාධිපති ලුයිස් ඉනැසියෝ ලූලා ද සිල්වා ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ නඩු පවරන බව බ්‍රසීල බලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ, ගරුජා හි සුඛෝපභෝගී වෙරළාසන්න මන්දිරයේ අයිතිය පිළිබඳව තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වී ඇති බවයි.

චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

මෙම ගොඩනැගිල්ල නිල වශයෙන් ඉදිකිරීම් සමාගමකට අයිති වුවක් වන අතර එය ‘පෙට්‍රොබ්‍රාස්’ නම් ජාතික තෙල් සමාගමේ සිදුවී ඇති දුෂණවලට සම්බන්ධතා ඇති බවයි පැවසෙන්නේ.

නීති බලධාරීන් විසින් සකසා ඇති චෝදනාපත්‍රය තවමත් විනිසුරුවරයෙකු විසින් භාරගෙන නැති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර