ඩොනල්ඩ් ට්‍රම්ප් ට අන්ත පරාජයක්

Image caption ට්‍රම්ප් ගේ මේ පරාජය වාර්තා වූයේ චිකාගෝ හි පැවති ඔහුගේ රැළියක දී ඇති වූ ගැටුමෙන් පසුවයි

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාගනු පිණිස පැවැත්වෙන ප්‍රචාරක වැඩසටහන් වල දී ඉදිරියෙන් සිටි රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, වයෝමින් (Wyoming) සහ වොෂින්ටන් ඩී සී (Washington DC) ජනපද වල දී අන්ත පරාජයක් ලබා ඇත.

ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන ටෙක්සාස් ජනපද සෙනෙට් සභික ටෙඩ් ක්රුස් (Ted Cruz), වයෝමින් (Wyoming) හිදී ඇති විශාල වැඩි චන්ද ප්‍රමාණයක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

“අද වයෝමින් වලදී අපි 66% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනව. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අපෙක්ෂකය අරන් තියෙන්නෙ 7.2% විතරයි. මම හිතන්නෙ ඔබ ඔහු ගැන අහල ඇති” යනුවෙනුයි ටෙඩ් තම ආධාර කරුවන්ගේ ජයඝෝෂා මැද පවසාසිටියේ.

වොෂින්ටන් අගනගරය ෆ්ලොරිඩා සෙනෙට් සභික මාර්කෝ රුබියෝ (Marco Rubio) විසින් දිනා ගෙන ඇති අතර ට්‍රම්ප් ගේ මේ පරාජය වාර්තා වූයේ චිකාගෝ හි පැවති ඔහුගේ රැළියක දී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් සහ වර්ගවාදයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුවයි.

ජනාධිපති ඔබාමා සියළු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ ජනතාව අතර බෙදීම් ඇතිකරන සහ අපහාසාත්මක ප්‍රකාශ වලින් වැළකී සිටින ලෙසටයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර