මියන්මාර හමුදාවේ ළමා සොල්දාදුවන් දහස් ගණනක්

Image copyright AP
Image caption නිදහස් කර යවා ඇති මුළු ළමා සොල්දාදුවන් සංඛ්‍යාව 744 ක් වන අතර තවත් දහස් ගණනක් තවමත් හමුදා සේවයේ සිටින බවටයි විශ්වාස කරන්නේ

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ සේවයේ යෙදවීම නවතා දැමීමේ මියන්මාර වැඩසටහනේ තවත් එක් වටයක් ලෙස අද එරට යුද හමුදාව විසින් ළමා සොල්දාදුවන් 46 දෙනෙකු හමුදා සේවයෙන් නිදහස් කරනු ලැබ ඇත.

යන්ගොන් හි පැවති උත්සවයක දී එම ළමා සොල්දාදුවන් පිරිස ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දුන් බවයි මියන්මාර ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ.

වයස 18 ට අඩු ළමුන් හමුදා සේවයේ යෙදවීම නවතා දැමීම සඳහා මියන්මාරයේ ජෙනරාල්වරු 2012 වසරේදී එක්සත්ජාතීන්ගේ සංවිධානයට පොරොන්දුවක් දී තිබුණි.

ඒ දක්වා මියන්මාර හමුදාවේ නිලයන් ළමා සොල්දාදුවන් යොදාගැනීම පුරුද්දක් වශයෙන් පැවති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මියන්මාර හමුදාව විසින් නිදහස් කර යවා ඇති මුළු ළමා සොල්දාදුවන් සංඛ්‍යාව 744 ක් වන අතර තවත් දහස් ගණනක් තවමත් හමුදා සේවයේ යොදවාගෙන ගෙන සිටින බවටයි විශ්වාස කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර