ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැටුපක් ලෙස ස්ත්‍රී දුෂණ වරම් ලබන සොල්දාදුවෝ

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

දකුණු සුඩානයේ හමුදාවට සහයෝගය දක්වන සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයන් හට යුද්ධ කිරීම වෙනුවෙන් වේතනයක් ගෙවීම වෙනුවට කාන්තාවන් ලිංගික දුෂණයට ලක් කිරීමේ නිදහස ලබා දී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළි කොට තිබේ.

එම වාර්තාව ට අනුව පසුගිය වසරේ දී තෙල් නිධි බහුල ‘යුනිටි ස්ටේට්’ පළාතේ පමණක් කාන්තාවන් 1300 ක් බලහත්කාර දුෂණයට ලක් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙය යුධ අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවද දකුණු සුඩාන රජය විසින් මේ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

දකුණු සුඩානය 2011 දී සුඩානයෙන් වෙන් වී නිදහස් රටක් බවට පත්වූ අතර එයට අවුරුදු දෙකකට පසු ජනාධිපති සල්වා කීර් (Salva Kiir) තමන්ගේ නියෝජ්‍ය නායකයාවූ රික් මචාර් (Riek Machar) තනතුරින් පහ කළේ තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් . තමන් එවැන්නක් නොකළ බව පැවසූ මචාර් රජයට එරෙහිව කැරලිකාර සන්නද්ධ හමුදාවක් නිර්මාණය කර ගත්තේය.

පසුගිය අගෝස්තු මාසේ රජය සහ කැරලිකාර සන්නද්ධ කණ්ඩායම් අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් ඇති කර ගනු ලැබුවෙ ජාත්‍යන්තර මැදිහත්වීමෙන්. එහෙත් මාස අටක කාලයක් ගතවී ඇති මුත් තවමත් අන්තර්වාර රජයක් පිහිටුවීමට හැකිවී නැහැ.

දකුණු සුඩානයේ කාන්තාවන් අත්විඳින මේ හිංසනයන් පිලිබඳ තවත් තොරතුරු වලට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.