ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අම්මේ අපි තනිකරන්න එපා'

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

දරුවන්ට ආදරය දැක්වීම සහ ඔවුන් රැක බලා ගැනීම දෙමව්පියන්ගේ වගකීමකි.

නමුත් මෙම වගකීම නිසියාකාරව ඉටු නොවන අවස්ථා ද දුලබ නොවේ. එවැනි අවස්ථාවල නීතිය ඉදිරියේ වැරදි කරුවන් වීමටත් ඇතැම් වැඩිහිටියන්ට සිදුවන්නේ නොසලකා හැරීම හේතුවෙන් ළමුන් කායික හෝ ලිංගික අතවරයන්ට ලක්වීම මෙන්ම අනතුරු වලින් දිගු කාලීන ආබාධ හෝ මරණය පවා සිදුවිය හැකි නිසාය.

බීබීසීයේ උදෑසන විශේෂ වැඩසටහන සඳහා කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති ආකාරයට එංගලන්තයේ සහ වේල්සයේ පමණක් පුද්ගලයන් 500 ක් අත්අඩංගුවට පත්වී ඇත්තේ මෙසේ තමන්ගේ බාල වයසේ දරුවන් ගෙදර තනිවම දමා යාම හේතුවෙනි. එම සිද්ධීන් වල දී වාර්තා වූ බාලම දරුවාට වයස මාස හතරක් වූ අතර වැඩිමහල්ම දරුවාගේ වයස අවුරුදු පහළොවකි.

NSPCC යනු බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වන පුණ්‍ය ආයතනයකි. National Society for the Prevention of Cruelty to Children නමින් හැඳින්වෙන එය දරුවන්ට නපුරක් සිදුවීමට නොදී රැක බලා ගන්නා ජාතික ආයතනයකි. ඔවුන් පවසන ආකාරයට පසුගිය වසරේ පමණක් ළමුන් අනතුරුදායක ලෙස තනි ව දමා යාම් පිළිබඳව ඔවුනට දුරකථන ඇමතුම් 2500 ක් පමණ ලැබී තිබේ.

ගෙදර, මෝටර් රථයක් තුළ හෝ වෙනත් තැනක් දරුවෙක් නොසලකා හැර දමා යාම පමණක් නොවේ මෙලෙස වරදක් ලෙස සැලකෙන්නේ. දෙමව්පියන් නිවසේ සිටියදී වුවද දරුවනට අවශ්‍ය කායික හා මානසික පෝෂණය ලබා දීමට දෙමව්පියන් අසමත් වන බව සනාථ වන්නේ නම් ඔවුන් නීතිය ඉදිරියේ වැරදි කරුවන් බවට පත්වේ.

දරුවන් නොසලකා හැර දමා යාම පිලිබඳ තවත් තොරතුරු වලට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.