මාර්කෝ රුබියෝ ගේ ජනපති සිහිනය බොඳවෙයි

Image caption තමා නියෝජනය කරන ෆ්ලොරිඩා ජනපදයේ ඡන්ද විමසීමෙන් ඔහු පරාජයට පත්විය

ඇමරිකානු ජනාධිපතිවරණයේ නාම යෝජනා අපේක්ෂාවෙන් තරඟ වැදුණු රිපබ්ලිකන් අපේක්ෂක මාර්කෝ රුබියෝ ට තරඟයෙන් ඉවත් වීමට සිදුවී තිබේ.

තමා නියෝජනය කරන ෆ්ලොරිඩා ජනපදයේ ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීමෙන් පසුවයි ඔහු මෙසේ ඉවත් වී යන්නේ.

ඒ අනුව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රුම්ප් ට සිටි තවත් ප්‍රතිවාදියෙකු අඩුවී ඇති අතර ඔහු ෆ්ලොරිඩා, ඉලිනොයිස් සහ නොර්ත් කැරොලිනා යන ජනපද තුන ද තමා ජය ගත් ජන පද ලැයිස්තුවට එක් කර ගෙන සිටී.

Image caption රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්ක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ඉදිරියට පැමිණීමට සමත් වී සිටිති

මේ අතර ඩිමොක්ක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් ඇයගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස් ෆ්ලොරිඩා, ඔහියෝ, නොර්ත් කැරොලිනා සහ ඉලිනොයිස් යන ජනපද හතරේ දීම පරාජයට පත් කිරීමට සමත් වූවාය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාර කරුවන් විසින් ඔහුව ශක්තිමත් කරනු වෙනුවට සංක්‍රමණිකයන්, මුස්ලිම් ප්‍රජාව සහ ගැටුම් පිලිබඳ ඔහුගේ ස්ථාවරයන් අනුමත කිරීම මගින් ඔහුව දුර්වල කර ඇති බවයි හිලරි තම ආධාරකරුවන් අමතා ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර