වීදි නිවැසියෙකුට ඩොලර් ලක්ෂයක්

Image copyright AP
Image caption මැතිව් හේ චැප්මන් ඩොලර් ට ලක්ෂයක ත්‍යාගයක් හිමිවිය.

බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් දෙදෙනෙකු නැවත අල්ලා ගැනීමට පොලීසියට සහය දුන් ඇමරිකාවේ ‘සැන් ෆ්රැන්සිස්කෝ’ නගරයේ වීදි නිවැසියෙකුට(homeless man) ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් හිමිවිය.

දවස් හයකට පෙර පැනගිය සිරකරුවන් දෙදෙනාගේ ඡයාරූප දැක තිබූ මැතිව් හේ චැප්මන් ඔවුන් සොරාගන්නා ලද වෑන් රථයක සිටිනු දැක තිබේ.

හුසේන් නයේරි සහ ජොනතන් තියෙව් මෙසේ නැවත අල්ලාගැනීමට හැකිවී ඇති අතර පලාගිය තෙවැනියා වූ බැක් ඩුවන් දිනකට පෙර යටත් වී තිබුණි.

සම්පුර්ණ මුදල් ත්‍යාගය හතර දෙනෙකු අතර බෙදී ගොස් ඇති අතර විශාලතම කොටස චැප්මන් ට දීමට බලධාරීන් තීරණය කළ බවයි වාර්තාවන්නේ.

හුසේන් සහ ජොනතන් විසින් සොරාගත් වාහනයේ හිමිකරුට ඩොලර් විසි දහසක් ද සැකකරුවන්ගේ ඉලක්කයට ලක් වූ වෙළෙඳසැලක සේවකයන් දෙදෙනෙකුට ඩොලර් පහළොස් දහස බැගින් ද ලැබී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර