එක්වදෝර හමුදා ගුවන් යානා අනතුරකින් විසි දෙකක් මරුට

පුද්ගලයන් විසි දෙදෙනකු රැගත් හමුදා ගුවන් යානයක් එක්වදෝරයේ ඇමේසන් කලාපයේදී අනතුරට ලක් වී තිබේ.

කඩා වැටුණු යානයේ සිටි කිසිවකු දිවි බේරා ගෙන නොමැති බවයි ජනාධිපති රෆායල් කොරෙයා කියා සිටියේ.

පැරෂුට් හමුදා භටයන් දහනව දෙනකු, කාර්මිකයකු සහ ගුවන් නියමුවන් දෙදෙනකු මරුමුවට පත් පිරිස අතර වෙති.

අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත.

ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයට බේරා ගැනීමේ කණ්ඩායම් පිටත් කොට යවා ඇති බව බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර