මැණිකක් හොරා ගත් පවෙන් මිදීමට සඟ සසුනට

Image copyright Getty

සෞදි කුමරෙකුට අයිති දියමන්තියක් සොරා ගත් පුද්ගලයෙකු සොරකමින් දශක තුනකට පසු සිය කර්මය යහපත් අතට හරවා ගැනීම සඳහා මහණ දම් පිරීම ආරම්භ කිරීමේ පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි.

තායි ජාතික ටෙචාමොන්ග් නමැති පුද්ගලයා සෞදි අරාබියේ කුමාරයෙකුගේ මාලිගාවක උයන්පල්ලා ලෙස සේවය කර ඇති අතර 1989 දී ඔහු කුමරාට අයිති කැරට් පනහක නිල් දියමන්තියක් ඇතුළු තවත් ආභරණ සොරා ගෙන රටින් පළා ගියේය.

පසුව තායිලන්ත පොලිස් අත්අඩංගුවට පත්ව සොරකම් චෝදනා යටතේ සිරගත කළ ඔහු නියමිත දඬුවම් කාලයට පෙර නිදහස් කෙරිණි.

ටෙචාමොන්ග් කියා සිටියේ සොරකම් කළ දා සිට ඉතා අවාසනාවන්ත අත්දැකීම් වලට තමන් මුහුණ දීමට පටන් ගත් අතර ඊට හේතුව සිය අයහපත් කර්මය බව විශ්වාස කිරීමට පටන් ගත් බවයි.

තායිලන්ත පොලිසිය ටෙචොමොන්ග් විසින් සොරා ගනු ලැබූ ආභරණ වලින් විශාල ප්‍රමාණයක් සොයා ගත් නමුත් නිල් දියමන්තිය සොයා ගැනීමට අසමත් විය.