බංග්ලාදේශ සහන සේවකයෝ ඇෆ්ගනිස්ථානයේ දී පැහැර ගැනෙති

Image copyright BRAC
Image caption BRAC වසර දහයකට වැඩි කාලයක සිට ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාකාරීව පවතින සංවිධානයකි

උතුරු ඇෆ්ගනිස්තානයේ තුවක්කුකරුවන් පිරිසක් විසින් බංග්ලාදේශ ජාතික සහන සේවකයන් දෙදෙනෙකු පැහැරගනු ලැබ ඇත.

බංග්ලාදේශයේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන BRAC හි බලධාරීන් පවසන්නේ ඉංජිනේරුවරයකු සහ ගණකාධිකාරීවරයකු වූ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා කුන්දුස් පළාතේ දී පැහැරගෙන ඇති බවයි.

මේ තුවක්කුකරුවන් කවුරුන්ද යන්න තවමත් හෙළි වී නැත.

BRAC වසර දහයකට වැඩි කාලයක සිට ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාකාරීව පවතින සංවිධානයකි.

ඇෆ්ගනිස්ථානය තුළ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කළ දා පටන් මේ දක්වා සහන සේවකයන් තිදෙනෙකු පැහැරගෙන ගොස් මරා දමනු ලැබ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර