ටොෂීබා සමාගමේ ගිණුම් වංචාවක්

Image caption සමාගමේ ලාභය සත්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන පනහක් වැඩියෙන් ප්‍රකාශය ට පත් කළ බවයි පැවසෙන්නේ

ජපාන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිපැයුම් සමාගමක් වන ටොෂීබා හි සිදුවී ඇති බවට සැක කෙරෙන ගිණුම් වංචාවක් පිළිබඳව ඇමරිකානු රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ජපානයේ ටෝකියෝ නගරය පදනම් කොට ගෙන ඇති ටොෂීබා සමාගම පවසන්නේ ඔවුන්ගේ ඇමරිකානු ශාඛා සමාගම් මෙම පරීක්ෂණය සඳහා සහයෝගය ලබා දෙමින් සිටින බවයි.

පසුගිය වසර කිහිපය තුළ තම සමාගමේ ලාභය සත්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන පනහක් වැඩියෙන් ප්‍රකාශය ට පත් කළ බව මේ සතිය මුල දී ටොෂීබා සමාගම පිළිගෙන තිබුණි.

එම ප්‍රමාණය දැනටමත් සාවද්‍ය ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඩොලර් බිලියන 1.2 ක ලාභයට අමතරව ඉදිරිපත් කළ සංඛ්‍යාවකි.

මේ අතර මෙම ගිණුම් වංචාව ට සම්බන්ධ තම ආයතනයේ සේවකයන් හැට දෙනෙකුට වැඩි පිරිසකට දැනටමත් දඬුවම් ලබා දී ඇති බවයි ටොෂීබා සමාගම පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර