විස්සයි විස්ස: ඉන්දියාව සහ පකිස්තානය සීරුවෙන්

Image caption ක්‍රීඩාංගණයේ ආසන හැටදහසක් සඳහා වූ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට මුළුමනින්ම විකිණී අවසන්ව ඇති බවයි පැවසෙන්නේ

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම අපේක්‍ෂාසහගතව සිටි ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය වෙනුවෙන් දෙරටේ කණ්ඩායම් එකිනෙකා හමුවන පැය කිහිපය සඳහා කොල්කටා නගරය තුළ දහස් ගණනක් ආරක්ෂක භටයින් සේවයේ යොදවා තිබේ.

ක්‍රීඩාංගණයේ ආසන හැටදහසක් සඳහා වූ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට මුළුමනින්ම විකිණී අවසන්ව ඇති වුවද තවත් බොහෝ ක්‍රිකට් ලෝලීහු දැඩි ඕනෑකමකින් ප්‍රවේශ පත් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

රූපවාහිනිය ඔස්සේද මෙම තරඟාවලිය නැරඹීමට මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් සැදී පැහැදී සිටින හෙයින් දෙරටේම ජනතාව ගේ දෛනික ජීවිතය නතරවුවා වැනි තත්වයක් ඇතිවිය හැකි බවයි වාර්තාකරුවන් පවසන්නේ.

සති කිහිපයකට පෙර පකිස්තානය මෙම තරගය සඳහා නොපැමිණෙන බවට අදහස් පළවී තිබුණේ ආරක්ෂක හේතු මත වූ අතර තරගය පවත්වන ක්‍රීඩාංගණය වෙනස් කිරීමට හේතු වූයේ ද ඒ හේතුවෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර