ඉස්තාම්බුල් හි පිපිරීමකින් හතරක් මරුට

Image copyright Reuters
Image caption ඉස්තාම්බුල් නගරයේ විරෝධතාවයක දී පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අවස්ථාවක්

තුර්කියේ ඉස්තාම්බුල් නගර මධ්‍යයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගිය බව නගර පාලකවරයා පවසයි.

අවම වශයෙන් තවත් විසි දෙනෙකුවත් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම සිදුවූ ස්ථානයට ගිලන් රථ පැමිණෙන අකාරය රූපවාහිනී දර්ශන ඔස්සේ විකාශනය වූ අතර කැමරාකරුවන්ට පොලීසිය විසින් බාධා එල්ල වන ආකාරය ද දිස් විය.

තුර්කි අගනගරය වන අන්කාරා හි සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයන් තිස් හත් දෙනෙකු මරුමුවට පත් වූයේ පසුගිය ඉරිදායි.

එම ප්‍රහාරය TAK කුර්දි සන්නද්ධ කණ්ඩායමක් විසින් භාර ගෙන තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර