රොස්ටෝව් ගුවන් අනතුරින් හැට දෙදෙනෙක් මරුට

Image copyright Reuters
Image caption මරුමුවට පත් බහුතරයක් මගීන් රුසියානු ජාතිකයෝ වෙති

මගී ගුවන් යානයක් දකුණු රුසියාවේ 'රොස්ටෝව නගරයේදී අනතුරට පත් වීමෙන් කාර්යමණ්ඩලය ඇතුළු එහි ගමන් ගත් සියලුම දෙනා මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.

අනතුරට පත් 'ෆ්ලයි ඩුබායි' ගුවන් සේවයට අයත් යානය තුළ මගීන් පනස් පස් දෙනකු සහ කාර්යමණ්ඩලයේ හත් දෙනකු ගමන් කොට ඇත.

මරුමුවට පත් බහුතරයක් මගීන් රුසියානු ජාතිකයෝ වෙති.

ඩුබායි සිට පැමිණ ඇති 'බෝයින් 737-800' වර්ගයේ මගී යානය ගොඩ බැස්සවීම සඳහා ගනු ලැබූ පළමු උත්සාහය 'අයහපත් කාලගුණය' හමුවේ ව්‍යර්ථ වූ බවයි බලධාරීන් කියා සිටියේ.

පැය දෙකක් පමණ ගුවනේ රැඳී සිටීමෙන් අනතුරුව යානය ගොඩ බැස්සවීම සඳහා යළි උත්සාහ කොට ඇති අතර එහිදී යානය අනතුරට පත් වී තිබේ.

Image copyright Reuters
Image caption එක්සත් අරාබි එමීර් රාජ්‍ය මූලස්ථානය කොට ගත් 'ෆ්ලයිඩුබායි' ගුවන් සේවයට අයත් මගී යානයක්

බිම පතිත වී ඇති යානය කොටස්වලට කැඩී ගිනි ගත් බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක්ද නැතිනම් අයහපත් කාලගුණික තත්වයන් යටතේ ගුවන් නියමුවා අතින් සිදු විය හැකි අත්වැරැද්දක්දැයි යන්න පිළිබඳ රුසියානු විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර