පිටුවහල් කළ භික්ෂූන් ඡන්ද පෝලිම් වල

Image copyright Reuters
Image caption ඡන්දය දැමීම පිණිස පැමිණි පිටුවහල් කර සිටින ටිබෙට් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේනමක්

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ඉන්දියාවේ සිටින තවත් දහස් ගණනක් පිටුවහල් කරන ලද ටිබෙට් ජාතිකයන් නව දේශපාලන නායකයෙකු පත් කර ගැනීම පිණිස ඡන්ද පෝලිම් වල ට එක්වී සිටිති.

මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ පිටුවහල් කරන ලද ටිබෙට් ජාතිකයන් වෙසෙන ඉන්දියාවේ හිමාලයේ ධර්මසාලා හි දී ය.

මෙහි දී අපේක්ෂකයන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා ගැනීමට ඡන්ද දායකයන්ට අවස්ථාව සැලසේ.

හිටපු අගමැති ලොබ්සාන් සංගේ ඇතුළු අපේක්ෂකයන් දෙදෙනාම ටිබෙටය සඳහා චීනයෙන් වෙන් වූ ස්වයං පාලනයක් ඉල්ලා සිටින මැද මාවත අනුගමනය කරන්නෝ වෙති.

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ළමා ගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගැනීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ වැදගත්කම ඉස්මතු වී ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර