ගුවනින් යන ඉදිබුවෝ

Image copyright kiran kumar
Image caption ප්ලාස්ටික් කවර තුළ දමා රහසින් රැගෙන එමින් තිබූ කුඩා ඉදිබුවන්

දුර්ලභ ගණයේ ඉදිබුවන් 150 ක් පමණ හොර රහසේම මුම්බායි ගුවන් තොටුපල ඔස්සේ රැගෙන ඒමට කළ උත්සාහයක් නැවැත්වීමට හැකි වූ බව ඉන්දියානු රේගු නිලධාරීහු පවසති.

ගමන් බැගයක් තුළින් දුගඳක් වහනය වීම හේතුවෙන් එය පරීක්ෂාවට ලක් කළ බවයි ඔවුන් පවසන්නේ.

බෑගය විවෘත කළ විට සීග්‍රයෙන් වඳවී යන වර්ග කීපයකට අයත් ඉදිබුවන් ප්ලාස්ටික් කවර වල ඔතා අසුරා තිබෙන ආකාරය දැක ගැනීමට හැකිවී ඇත.

ඇන්ගොනොකා (Angonoka) හෝ ප්ලෝශේයර් (Ploughshare) නමින් හැඳින්වෙන මින් එක් වර්ගයක දැනට ඉතිරිව ඇත්තේ 600 ක් වැනි සුළු ප්‍රමාණයක ඉදිබුවන් සංඛ්‍යාවක් වන අතර නීති විරෝධී ලෙස ඉතා ඉහළ මිලකට විකිණීමේ හැකියාව ඇත.

බෑගය තුළ සිටි ඉදිබුවන් දෙදෙනෙකු මියගොස් තිබුණි.

අනෙක් ඉදිබුවන් ජලය, නිවිති කොළ සහ කරපිංචා කොළ සමග ඔතා අසුරා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර