මැලේසියාවේත් අධික උණුසුමක්

Image copyright Getty
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

මැලේසියාවේ පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ එරට උතුරු දිග ප්‍රාන්ත දෙකකට අයත් සියලුම රජයේ පාසල් වසා දැමීමට ආණ්ඩුව කටයුතු කොට ඇත.

කෙඩා සහ පර්ලිස් යන කෘෂිකාර්මික කලාපවල පිහිටි පාසල් අවම වශයෙන් දින දෙකක් වසා තැබෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ඉදිරි දින දෙක තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ට වැඩි අගයක් ගනු ඇති බව බලාපොරොත්තු වේ.

'එල් නිනෝ' දේශගුණ සංසිද්ධියක බලපෑම හේතුවෙන් ඇති වී තිබෙන උෂ්ණාධික කාලගුණය හමුවේ මැලේසියාවේ බහුතරයක් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.

උෂ්ණාධික කාලගුණික තත්වය මැයි හෝ ජුනි මාසය දක්වා පැවතීමට බෙහෙවින් ඉඩ ඇති බවට මැලේසියානු බලධාරීහු මේ වන විටත් අනතුරු හඟවා ඇත.

ඒ හේතුවෙන් ලැව් ගිනි, උග්‍ර ජල හිඟයන් සහ ඝන මීදුම් ඇති වීමට ඉඩ ඇති බවටත් බලධාරීහු අනතුරු හඟවති.