ටස්කින් ගේ තරග තහනම ට ICC අනුමැතිය

Image copyright AFP
Image caption ටස්කින් පන්දු යැවීමේ දී අනුමත ප්‍රමාණයට වඩා වැලමිට දිගහරින බවටයි චෝදනා කෙරෙන්නේ

නීති විරෝධී පන්දු යැවීම පිලිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ටස්කින් අහමඩ් ට එරෙහිව පවතින තරඟ තහනම අධිකරණ කොමසාරිස්වරයකු විසින් සනාථ කරන ලද බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

මාර්තු 9 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ඉන්දියාවේ ධර්මශාලා ක්‍රීඩාංගනයේ දී පැවති විස්සයි විස්ස තරඟයේ දී නීති විරෝධී ඉරියව්වකින් පන්දු යැවූ බවට ටස්කින්ට චෝදනා එල්ල විය.

ඉන් අනතුරුව මාර්තු 15 වෙනිදා චෙන්නායි හි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත පරීක්ෂණ මධ්‍යස්ථානයක දී ටස්කින් ගේ පන්දු යැවීම ස්වාධීන පරීක්ෂණය කට ලක් කෙරිණි.

මෙම ස්වාධීන පරීක්ෂණය මගින් හෙළිවී ඇත්තේ ටස්කින් පන්දු යැවීමේ දී අනුමත ප්‍රමාණයට වඩා වැලමිට දිගහරින බවයි. මේ හේතුවෙන් ඔහු ගේ පන්දු යැවීම නීති විරෝධී බවට තීරණය කෙරුණු අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වල දී පන්දු යැවීම තහනම් කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර