ජාතික ධජයේ වෙනසට නවසීලන්ත ජනතා අකමැත්ත

Image copyright AFP
Image caption යෝජිතව තිබූ ජාතික ධජය සහ භාවිතයේ පවතින නවසීලන්ත ධජය

‘යුනියන් ජැක්’ නමින් හැඳින්වෙන බ්‍රිතාන්‍ය ජාතික ධජයට අයත් ලක්ෂණ ද ඇතුලත් නවසීලන්ත ජාතික කොඩිය වෙනස් නොකොට එය දිගටම එරට ජාතික ධජය ලෙස පිළිගැනීමට පක්ෂව නවසීලන්ත ජාතිකයෝ තම ඡන්දය ප්‍රකාශ කළහ.

නව ධජය ලෙස යෝජනා කර තිබුණේ කළු පැහැති පසුබිමේ රිදී පැහැති 'මියන'පැලෑටි දැල්ලක් දැක්වෙන ආකාරයට කළ නිර්මාණයකි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී යෝජිත නව කොඩියට පක්ෂව කටයුතු කළ ප්‍රධාන පුද්ගලයෙක් වූ බවයි වාර්තා වන්නේ.

පවතින ජාතික කොඩිය වෙනස් නොකිරීමට සහය පළ කරමින් 56.6% දෙනා ඡන්දය දී තිබුණු අතර නව ධජය සඳහා පක්ෂව ඡන්දය දී තිබුණේ 43.1% ක් පමණි.

ලැබූ ඡන්ද ප්‍රතිපලයෙන් බලාපොරොත්තු කඩ වූ බව පැවසූ අග්‍රාමාත්‍ය ජෝන් කී ජනතාවගේ තීන්දුව බාරගන්නා බවයි පවසන්නේ.