බෙල්ජියමේ දී තවත් හය දෙනෙක් අත්අඩංගුවට

Image copyright Reuters
Image caption ගෙයින් ගෙට ගොස් කළ සෝදිසි මෙහෙයුම් වල දී ය මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ

පුද්ගලයන් තිස් දෙනෙකුට වැඩි පිරිසකට මරු කැඳවමින් අඟහරුවාදා බ්‍රසල්ස් හි සිදු වූ බෝම්බ පිපිරීම් වලින් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් හය දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව බෙල්ජියම් පොලීසිය පවසයි.

බ්‍රසල්ස් නගර මධ්‍යය ඇතුළු දිස්ත්‍රික්ක ගණනක දී ගෙයින් ගෙට ගොස් කළ සෝදිසි මෙහෙයුම් වල දී ය මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.

එසේවුවද අත්අඩංගුවට පත්වූවන්ගේ අනන්‍යතාව පිළිබඳව තවමත් තොරතුරු හෙළිවී නැති බවයි වාර්තා වන්නේ.

වාර්තා වන ආකාරයට බෝම්බ ප්‍රහාර වලින් පසු පලාගිය බවට අනුමාන කළ හැකි සැකකරුවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු වත් හඳුනා ගැනීමට පොලීසිය සමත් වී ඇත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, යුරෝපා සංගමය සහ බෙල්ජියම් බලධාරීන් සමග ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව සාකච්චා කිරීම සඳහා බ්‍රසල්ස් නුවරට පැමිණ සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර