පදවිය හරින මෙන් 'ෂි ජින් සහෝදරයාට' බලපෑම්

Image caption චීන නායකයින්ගේ රුව රැගත් සමරු භාණ්ඩ අතර ජනාධිපති ෂි ජින්පින් ගේ නමද දැකගත හැකිය

චීන ජනාධිපති ශී ජින්පින් ගෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින් ලියූ ලිපියක් ප්‍රකාශයට පත්වීමෙන් පසු පුද්ගලයන් විසි දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බව චීනයෙන් වාර්තා වේ.

චීනයේ වුජී (Wujie) වෙබ් අඩවියේ සේවය කරන්නෙකු පැවසුවේ මෙම මස මුල දී එම ලිපිය පළවීමෙන් පසු දාහත් දෙනෙකු බලධාරීන් විසින් රැගෙන යනු ලැබූ බවයි.

ඇමරිකාවේ පදිංචි වී සිටින චීන රජයට එරෙහි චීන ජාතිකයෙකු පැවසුවේ තම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි.

ඉහත කී ලිපිය ලියූ චීන කොමියුනිස්ට් පක්ෂයට පක්ෂපාතී බවට තමන් විසින් ම හඳුන්වාගන්නවුන් ලිපිය අරඹා ඇත්තේ ‘ආදරණීය ෂි ජින්පින් සහෝදරයා’ලෙසින් වන අතර ලිපියේ පසු භාගයේ දී ඉල්ලා ඇත්තේ රටේ සහ පක්ෂයේ සියළු නායක තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙසයි.

එම ලිපිය රජයේ සහයෝගය ලබන වෙබ් අඩවිය ඔස්සේ කෙසේ ප්‍රකාශයට පත්වුයේ ද යන්න පැහැදිලි නොවන අතර මේ වනවිට එය වෙබ් අඩවිය තුලින් මකා දමා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර