පැරිස් ප්‍රහාරයේ සැකකරු ගොළුවත රකියි

Image caption අබ්දෙස්ලාම් ගේ පොලිස් ප්‍රශ්නකිරීම් වලට අදාළ රහසින් පිට කළ අත් පිටපත් යැයි පැවසෙන ලේඛන ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අත් අඩංගුවේ සිටින පැරිස් ප්‍රහාරයේ සැකකරු සලා අබ්දෙස්ලාම් අඟහරුවාදා බ්‍රසල්ස් නුවර ප්‍රහාරය පිලිබඳ විමසු විට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බව බෙල්ජියම් බලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ පසුගිය සතියේ බ්‍රසල්ස් නුවර දී අබ්දෙස්ලාම් අත්අඩංගුවට ගත් පසු මුලින් පොලිස්පරීක්ෂණ වලට සහය දී ඇති අතර ‘කිසිවක් නොකීමට ඇති අයිතිය’ රැකගනිමින් අඟහරුවාදා බෝම්බ පිපිරීම් පිළිබඳව කිසිවක් කීමෙන් වැලකී සිටි බවයි.

මේ අතර ප්‍රංශ පුවත්පතක් වන ලේ මොන්දෙ (Le Monde) සතියකට පෙර අත්අඩංගුවට පත් අබ්දෙස්ලාම් ගේ පොලිස් ප්‍රශ්නකිරීම් වලට අදාළ රහසින් පිට කළ අත් පිටපත් යැයි පැවසෙන ලේඛන ප්‍රසිද්ධියට පත්කර තිබේ.

එම වාර්තාවන්ට අනුව බ්‍රසල්ස් ප්‍රහාරයට පෙර ඊට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ගේ ඡයාරූප අබ්දෙස්ලාම් විසින් පොලීසියට පෙන්වා තිබූ බවයි පැවසෙන්නේ. කෙසේවුවද තමන් ඔවුන් පිලිබඳ නොදන්නා බව ඔහු පවසා ඇත.

පුවත්පත පවසන්නේ අබ්දෙස්ලාම් ප්‍රශ්න කළ නිලධාරීන් ඒ අවස්ථාවේ ඔහුව ගැඹුරින් ප්‍රශ්ණ නොකිරීම හේතුවෙන් අඟහරුවාදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්තාව මගහැරී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර