පන්ජාබ් මෙහෙයුම් වලින් සිය ගණනක් අත්අඩංගුවට

Image copyright AP
Image caption මියගියවුන් ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයන් බවයි වාර්තාවන්නේ

පකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරල් රාහීල් ෂරීෆ් (Raheel Sharif) පන්ජාබ් ප්‍රාන්තයේ මහාපරිමාණ ත්‍රස්ත විරෝධී සෝදිසි මෙහෙයුමක් අරඹා තිබේ.

පුද්ගලයන් 70 කට අධික පිරිසකට මරු කැඳවමින් ලාහෝරයේ දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිනකට පසුවයි මෙසේ සෝදිසි මෙහෙයුම් අරඹා ඇත්තේ.

මෙම මෙහෙයුම හමුදාවට අනුබද්ධ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් විසින් සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ වන විට ප්‍රධාන නගර පහ තුළ පමණක් සිය ගණනක් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

පාකිස්තාන තාලිබාන් සංවිධානයෙන් කැඩී ගිය කණ්ඩායමක් වන ජමාත් අල් අහ්රාර් (Jamaat-ul-Ahrar) පැවසුවේ ඔවුන් පාස්කු ඉරිදා හිතාමතාම ලාහෝරයේ ක්‍රිස්තියානි සුළු ජන ප්‍රජාව ඉලක්ක කළ බවයි.

එහෙත් මියගියවුන් ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයන් බවයි වාර්තාවන්නේ.

ලාහෝරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ හමුදා ප්‍රධානියා රටේ සාමාන්‍ය ජන ප්‍රධානීන් ගේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර