ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අජ්මාන් නුවර උස් ගොඩනැගිලි දෙකක විශාල ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර පිහිටි මහල් නිවාස ගොඩනැගිලි දෙකක් විශාල ගින්නකට හසු වී තිබේ.

එක් ගොඩනැගිල්ලක හට ගත් ගින්න පවතින දැඩි සුළං හමුවේ යාබද ගොඩනැගිල්ල දක්වා පැතිර ගොස් ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයෝ දැඩි වෙහෙසක් ගත්හ.

ශ්වසන අපහසුතා සහ සුළු තුවාල ලැබීම හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෑත කාලය තුළ අරාබි එමීර් රාජ්‍යයට අයත් මහල් නිවාස සහ හෝටල් ආශ්‍රිත උස් ගොඩනැගිලි කීපයක් ගින්නට හසු විය.