ජනතාවට වස කැවීමේ ජාවාරමක්

Image copyright Getty
Image caption ෆෝමලීන් මිශ්‍ර කළ කුකුල් මස් ඉන්දුනීසියාවෙන් සොයා ගෙන ඇත

පරිභෝජනයට නුසුදුසු විෂ සහිත ආහාර ටොන් ලක්ෂ ගණනක් පසුගිය වසර තුළ සොයා ගෙන ඇති බව ලොව පුරා පොලිස් ආයතන වාර්තා කරයි.

කෘෂි රසායනික අඩංගු සීනි සූඩානයෙන් සොයා ගත් බව වාර්තා කරන 'ඉන්ටර්පෝල්' ජාත්‍යන්තර පොලිසිය, කල් තබා ගැනීම සඳහා ෆෝමලීන් මිශ්‍ර කළ කුකුල් මස් ඉන්දුනීසියාවෙන් සොයා ගෙන ඇති බවයි පවසන්නේ.

පල්මානික්කම්(copper sulphate) ගල්වා පැහැ ගැන්වූ ඔලිව් ගෙඩි තොගයක් ඉතාලි බලධාරීන් විසින් සොයා ගනු ලබා තිබේ.

බටහිර අප්‍රිකාවේ ළමුන් ඉලක්ක කොට අපනයනයට සුදානම් කොට තිබූ ව්‍යාජ චොක්ලට් තොග හංගේරියාවේ , ලිතුවේනියාවේ සහ රුමේනියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී ඇත.