කොල්කටා පාලමට යටවූවන් බේරා ගැනීමේ මෙහෙයුමක්

Image caption වෙළඳපොළක් අසළ ජනතාව විශාල වශයෙන් ගැවසෙන දහවල් කාලයේ දී කඩා වැටුණු මෙයට යට වූවන් තව කොපමණ ඇති දැයි නොදන්නා බවයි පැවසෙන්නේ

ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව එක්ව කොල්කටා නගරයේ දී පාලමක් කඩා වැටීමෙන් විපතට පත් වුවන් මුදා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇත.

ඉන්දියානු රුපවාහිණී මාධ්‍ය පවසන්නේ මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකුවත් මරණයට පත් වී ඇති බවයි.

තවත් පිරිසකට දරුණු ලෙස තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් අති විශාල වෙළඳපොළක් අසළ ජනතාව විශාල වශයෙන් ගැවසෙන දහවල් කාලයේ දී කඩා වැටුණු මේ පාලම් කොටසට යට වූවන් තව කොපමණ ඇති දැයි නොදන්නා බවයි වාර්තාවල සඳහන් වන්නේ.

කොන්ක්‍රීට් තට්ටුව සහ යකඩ කපා ඔවුන් බේරා ගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.

ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පැවසුවේ මෙම අනතුර මහා ඛේදවාචකයක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර