කොල්කටා පාලම් අනතුර: වගකිවයුත්තන්ට දඬුවම්

Image caption රාත්‍රිය පුරා ආපදා සේවකයන් විපතට ලක්වුවන් සෙවීමේ නිරත ව සිටි බවයි වාර්තාවන්නේ

බ්‍රහස්පතින්දා ඉන්දියාවේ කොල්කටා නගරයේ දී කඩා වැටුණු අඩක් නිම කළ පාලමට යට වූ පිරිස් අතර තවමත් දිවිබේරා ගත්තවුන් සිටීමේ ඉඩකඩ ඉතා අල්ප බව ඉන්දියානු පොලීසිය පවසයි.

මෙම අනතුරින් අවමවශයෙන් 23 දෙනෙකු මරුමුවට පත්ව තවත් සියයකට අධික පිරිසකට තුවාල සිදුවිය.

මේ වන විට කඩාවැටුණු පාලමේ කොටස් බොහෝ දුරට ඉවත්කර ඇති බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ රාත්‍රිය පුරා ආපදා සේවකයන් විපතට ලක්වුවන් සෙවීමේ නිරත ව සිටි බවයි.

කිලෝමීටර් දෙකක් දිග මේ පාලම 2009 වසරේ සිට ගොඩනැංවෙමින් පැවති අතර කිහිප වරක්ම නිම කිරීමට නියමිතව තිබූ දින වකවානු ඉක්ම ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජී පවසා තිබුණේ මෙම අනතුරට වගකිවයුත්තන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර