දෙවන න්‍යෂ්ඨික බලවතා සමුළුවට නොපැමිණෙයි

Image copyright
Image caption පියොන් යැන් පාලනය ජනවාරි මාසයේ ආරම්භ කළ එරට න්‍යෂ්ඨික අත්හදා බැලීම් මාලාවේ නවතම සිදුවීම මෙය බවයි වාර්තා වන්නේ

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා වොෂින්ටනයේ දී චීනය සහ තවත් රටවල් සමග ලෝක න්‍යෂ්ඨික ආරක්ෂක වැඩපිළිවෙළ පිලිබඳ සමුළුවක් අරඹා ඇත.

මේ අතර උතුරු කොරියාව එහි නැගෙනහිර වෙරළ තීරයේ සිට තවත් මිසයිලයක් යැවූ බව දකුණු කොරියාව පවසයි.

උතුරු කොරියාවේ මෙම මිසයිල යැවීම පියොන් යැන් පාලනය ජනවාරි මාසයේ ආරම්භ කළ එරට න්‍යෂ්ඨික අත්හදාබැලීම් මාලාවේ නවතම සිදුවීමයි.

වොෂින්ටන් සමුළුව අමතමින් ඔබාමා පැවසුවේ ඇමරිකාව සහ චීනය න්‍යෂ්ඨික අවි මුක්ත කොරියානු අර්ධද්වීපයක් වෙනුවෙන් කැප වී සිටින බවයි.

උතුරු කොරියාවට එරෙහිව පැනවූ නව සම්බාධක මුළුමනින්ම සහ දැඩි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න මතභේදාත්මක බවයි චීන ජනපති ෂි ජින් පිං ප්‍රකාශ කළේ.

ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ඨික බලවතා වන රුසියාව මෙම සමුළුවට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර