බ්‍රසල්ස් : 'මාස දෙකක් ගුවන් ගමන් අඩාලයි'

Image caption ප්‍රහාරයෙන් පසු ගුවන් තොටුපළෙන් ඉවත්ව යන නියමුවන් සහ කාර්යමණ්ඩලය

බ්‍රසල්ස් ප්‍රහාරය එල්ල වී දැනටමත් සති දෙකකට ආසන්න කාලයක් ගත වී අවසන් වී තිබුණද බ්‍රසල්ස් ගුවන් තොටුපලේ කටයුතු යථාතත්වයට පත්කිරීම ජූනි හෝ ජූලි මාස දක්වා කල් යන බව බලධාරීහු පවසති.

කෙසේවුවද ප්‍රහාරයෙන් පසු පළමු ගුවන් ගමන ඉරිදා සිදුවනු ඇති බවයි ගුවන් තොටුපල ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ.

“ජූනි මාසේ අග භාගය නැත්නම් ජූලි මාසේ මුල වෙන කොට නිවාඩුව පිණිස ගුවන් ගමන් යන මගීන් ට සම්පුර්ණ සේවාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. ගුවන් තොටුපල බෙල්ජියම තුළ සහ යුරෝපයට ගමන් සේවා ආරම්භ කරනව. කටයුතු සාමන්‍ය අතට පත් වුනාට පස්සෙ අපේ ප්‍රධාන අරමුණ තමයි මගීන් ගේ වගේම අපේ සේවකයන් සහ පොලීසියේ ගේ ආරක්ෂාව සහතික කිරීම” යනුවෙන් ඔහු පැවසීය.

පුද්ගලයන් 30 කට අධික පිරිසක් මරු මුවට පත් කරමින් බ්‍රසල්ස් ගුවන් තොටුපලට සහ උමං දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාර වලින් පසු ගුවන් ගමන් සේවා සියල්ල නවතා දැමුණි.