ග්‍රීසියෙන් එන අනාථයන් සඳහා හිස් බිම්කඩක්

Image copyright EPA
Image caption යුරෝපා සංගමයේ ගනුදෙනුවට විරෝධය පළකරන ග්‍රීසියේ සිටින සරණාගතයන් පිරිසක්

යුරෝපා සංගමය විසින් යෝජිත අනාථයින් පිලිබඳ නව ගණුදෙනුව සඳුදා සිට බලාත්මක වූ විට ග්‍රීසියේ සිට ආපසු පැමිණෙන අනාථයන් ගේ සංඛ්‍යාව තුර්කිය ට දරා ගැනීමට හැකිවේදැයි බියක් මතුවෙමින් පවතී.

නව ගනුදෙනුවට අනුව ග්‍රීක දුපත් වලට පැමිණෙන අනාථයින් සරණාගත භාවය සඳහා අයදුම් කර නැති නම් හෝ එවැනි අයදුම්පතක් ප්‍රතික්ෂේප වී ඇත්නම් ඔවුන් තුර්කිය වෙත යවනු ලැබේ.

එසේ පැමිණෙන සරණාගතයන් රඳවා තැබීමට යෝජිත තුර්කියේ ස්ථානයකට ගිය බීබීසී වාර්තාකරුවකු පවසන්නේ එය එවැනි කිසිදු පෙර සූදානමක් නැති හිස් බිම් කඩක් පමණක් බවයි.

එසේවුවද යුරෝපා සංගමයේ නිලධාරියෙකු පැවසුවේ සඳුදා ග්‍රීසියේ සිට සිය ගණනක් සරණාගතයන් මෙම ස්ථානය වෙත පමිනීමට් නියමිත බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර