දසදහස් ගණනක් පිරිස් පැරිස් නගරයේ දිවයති

Image caption පැරිස් මැරතන් තරගය මෙවර පැවැත්වෙන්නේ හතලිස් වැනි වතාවටයි

පසුගිය වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රටවල් 160 කට අයත් දස දහස් ගණන් පිරිස් පැරිස් නුවර පැවැත්වෙන ප්‍රංශ මැරතන් තරඟය සහභාගී වී සිටිති.

පොලීසිය දැඩි අවධානයෙන් සිටින අතර පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ උපකරණ යොදා ගනිමින් නගරයට රැස්වී සිටින්නන් ගේ ගමන් මළු ආදිය පරීක්ෂා කරන බවයි වාර්තාවන්නේ.

දහස් ගණන් නරඹන්නන් මග දෙපසට කැඳවන පැරිස් නගරයේ හතලිස් වන වතාවටත් පැවැත්වෙන මැරතන් තරඟය පසුගිය වසරේ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් අත්හැර දැමීම නොකළ යුතු බැවින් එය මෙවරත් පවත්වන්නට තීරණය කළ බවයි සංවිධායකයින් පවසන්නේ.

1991 දී පමණක් පැරිස් මැරතන් තරගය අවලංගු කරනු ලැබූවේ ප්‍රංශ හමුදා ගල්ෆ් යුද්ධයට මැදිහත් වී සිටීම හේතුවෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර