පකිස්තානයේ ගංවතුරකින් 60 ක් මරුට

Image copyright Getty
Image caption පකිස්තානයේ යටිතල පහසුකම් අඩු පළාත්වල ට වර්ෂාවෙන් දැඩි හානි සිදුවේ

වයඹ දිග පකිස්ථානයේ සිදුවූ ගංවතුරකින් සහ නායයාම් වලින් අවම වශයෙන් 60 දෙනෙකුවත් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කයිබර් පක්තුන්කවා (Khyber Pakhtunkhwa) වන අතර වුවද කාශ්මීර් සහ ගිල්ගිට් බැල්ටිසාන් (Kashmir and Gilgit Baltistan) පළාත් වලට අයත් ප්‍රදේශ ද මෙම ගංවතුර තර්ජනයට හසු වී තිබේ.

Image copyright EPA

මෝසම් වැසි කාලය තවමත් ආරම්භ වී නොතිබුණද පකිස්තානයේ යටිතල පහසුකම් අඩු පළාත්වල ට වර්ෂාවෙන් දැඩි හානි සිදුවේ.

කෙසේවුවද ප්‍රදේශවාසීන්ට ආරක්ෂා සහිත ස්ථාන වලට යන ලෙස අනතුරු අඟවා තිබූ බවයි බලධාරීන් පවසන්නේ.

පසුගිය වසරේ 170 කට වැඩි පුද්ගලයන් පිරිසක් මෝසම් වැසි කාලයේ දී මරණයට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර