වත්කම් සැඟවීමට බදු රැකවරණ දුන් 'අභය භූමියක්' හමුවෙයි

Image caption මොසැක් ෆොන්සේකා ආයතනය පවසන්නේ ගෝලීය වෙළඳ ප්‍රජාව තුළ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔවුන් කිසිදු ආකාරයක වැරැද්දක් සිදුකර නැති බවයි

ධනවත් පුද්ගලයන් විසින් තම වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණ ‘අභය භුමියක්’ යොදා ගත් ආකාරය හෙළි කෙරෙන රහස් ලිපිගොනු රැසක් හමුවී තිබේ.

ජාත්‍යන්තර වත්කම් සීමාවන් වලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට පැනමාවේ නීති ආයතනයක් යොදා ගත් බවට වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් 72 දෙදෙනෙකු කටයුතු කර ඇති බවටයි මේ මගින් හෙළිවී ඇත්තේ.

මේ ධනපතීන් අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුතින් ගේ සමීපතමයෙකු ද සිටින බවයි වාර්තාවන්නේ.

ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු මෙම ලියකියවිලි මගින් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) ආයතනය ලොවපුරා ධනවත් පුද්ගලයන්ට සමාගම් ආරම්භ කර තම රටවල ආදායම් බදු ගෙවීම් වලින් මිදී සිටීමේ හැකියාව ලබා දී ඇති බව හෙළිවී තිබේ.

එහෙත් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) ආයතනය පවසන්නේ ගෝලීය වෙළඳ ප්‍රජාව තුළ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔවුන් කිසිදු ආකාරයක වැරැද්දක් සිදුකර නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර